
ජනලිප ගැන
ශ්‍රී ලංකාවේ නව නිපැයුම් කරුවෙක් විසින් නිපදවූ, සම්මාන රාශියක් සහ පේටන්ට් බලපත්‍රය ලැබූ ජනලිප ගෑස් භුමිතෙල් හා දර ලිප් භාවිතයට වඩා කාර්යක්ෂම, වියදම් අඩු සහ සුරක්ෂිතභාවය වැඩි අංක එකේ අගුරු ලිප.
උසස් තාක්ෂණයෙන් නිර්මාණය කල ජනලිප ඔබගේ සෑම ආහාර පිලියල කිරීමේ අවශ්‍යතාවයක්ම සපුරා දෙයි.

සම්මාන දිනූ නිෂ්පාදනයකි
සම්මාන රාශියක් සහ පේටන්ට් බලපත්‍රය ලැබූ එකම ලිප
ලිප් අතර අංක එකේ ලිප
අද වෙළදපොලේ ඇති අනාරක්ෂිත ව්‍යාජ අගුරු ලිප් සමග සංසන්ධනය කල විට ජනලිප අධික උෂ්ණත්වයක් දරා ගත හැකි විශේෂිත මැටි බඳක් සහ චීනචට්ටි අඟුරු පිළිස්සීමේ බඳුනක් සමඟ නිර්මාණය කර ඇත. එමනිසා ජනලිප පාරිබෝගිකයන් හට ඉතාමත් කල් පවතින, කාර්යක්‍ෂම, මුදල් ඉතිරි කර ගත හැකි ලිපක් වේ.
ඔබ ජනලිප බාවිතාකල යුත්තේ ඇයි
දුම දැලි නැති පොල්කටු අඟුරු , පොල්කටු හෝ දර කැබලි දමා පිසීම සිදු කල හැක
ගෑස් භූමිතෙල් භාවිතයට වඩා 60 – 100 % ඉතුරුමක් ජනලිප භාවිතයෙන්ලබා ගත හැක
ලිපේ සවි කර ඇති Turbo Fan තාක්ෂණයෙන් ලිපේ ඉන්ධන පුර්ණ දහනයක් වන අතර ආහාර පිසීමේ කටයුතු ඉතා ඉක්මනින් සිදුකර ගත හැක
Turbo Fan එක ක්‍රියා කිරීමට පැයකට ශත 4 ක කුඩා වියදමක් වැය වේ
ලිපේ ඇති උෂ්ණත්ව පාලකය මගින් විවිධ උෂ්ණත්ව 3ක ආහාර සකස් කර ගත හැක
ලාභදායී විකල්පයක් පමණක් නොවේ
ජනලිප ආහාර පිසීම සඳහා LPG හෝ භූමිතෙල් භාවිතා කිරීමට වඩා ලාභදායී විකල්පයක් පමණක් නොව, දර ලිප් භාවිතය සඳහා පරිශීලක-හිතකාමී සහ ආරක්ෂිත විකල්පයක් වේ. මෙම උදුන තාක්ෂණ ක්ෂේත්‍රය තුළ එහි නවෝත්පාදනය සහ නව්‍යතාවය හඳුනා ගනිමින් ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය විසින් පේටන්ට් බලපත්‍රයක් පිරිනමන ලදී.
